Saturday, April 27, 2024

ගෝලීය බලශක්ති නිෂ්පාදනයෙන් 11%ක්ම අවශ්‍ය වන්නේ ඉන්දියාවටයි

ඉන්දියාවේ බලශක්ති ඉල්ලුම දැනට පවතින සියයට 05 සිට ගෝලීය ඉල්ලුමෙන් සියයට 11 දක්වා ඉහලගොස් ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වාදී ඇත.

2023 ඉන්දියාවේ බලශක්ති සතිය බැංගලෝරයේදී ආරම්භ කරමින් අගමැතිවරයා මෙම සැලකිවයුතු වර්ධනය පිළිබඳව අදහස් පළකර ඇත.

බලශක්ති සමාගම්වලට ඉන්දියාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා බහුල වන්නේ ඉල්ලුම වැඩිවීම සහ බලශක්ති සංක්‍රාන්තිය කෙරෙහි පවතින ඉහල කැපවීම් මගිනි. 

එහි ජාත්‍යන්තර සහ දේශීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ඉතා වැදගත් බව අගමැතිවරයා පෙන්වාදී තිබේ.

ඉන්දියාව සිය G20 සභාපතිධුර කාලය තුළ කලාපයේ බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසාර භාවිතයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්ත  ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ බලශක්ති ලේකම් ආලෝක් කුමාර් සඳහන් කර ඇත්තේ, බලශක්ති සුරක්ෂිතතාව සහ විවිධාංගීකරණය වූ සැපයුම් දාමවල අවශ්‍යතාවයට සාමාජික රටවල් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවයි.

2023 වසර සඳහා වන ඉන්දීය අයවැයෙන් ද, 2070 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ රජයේ අරමුණට අනුකූලව බලශක්ති සංක්‍රාන්තිය සඳහා ප්‍රමුඛතා ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස රුපියල් කෝටි 35,000ක් වෙන් කර ඇති බව වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles