Wednesday, April 24, 2024

චීන්නුන්ගේ අසහනය ඉහළ ගිහින්

රටේ ආර්ථිකය කඩා වැටීම නිසා චීන ජනතාව දිගින් දිගටම දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර, රට තුළ සමාජ නොසන්සුන්තාවයක අවදානම ඉහළ ගොස් ඇති බව ලෝක ආර්ථික සංසදයේ ආර්ථික දැක්ම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ආර්ථිකය මන්දගාමී වන අතර එය තවදුරටත් ඉහළට ගමන් කිරීමේ අභිලාෂයන් මෙම වසරේදී පෙන්නුම් නොකරයි. 

චීනයේ උගත් විරැකියා ප්‍රතිශතය අඛණ්ඩව වැඩි වෙමින් පවතින අතර ඒ සමඟම පහත වැටෙන ආර්ථිකය පහළ පන්තියට පමණක් නොව මධ්‍යම පාන්තික සමාජයට ද බලපා තිබේ.

රටේ පන්ති ක්‍රමය දැඩි වෙමින් පවතින අතර  ආදායම් තවදුරටත් වැඩි නොවීම නිසා රට පහත් මට්ටමකට ගමන් කරන අතරම, අධ්‍යාපන ක්‍රමය සහ සෞඛ්‍ය සේවාව ද මිල අධික වෙමින් පවතී.

මීට පෙර, කුරිරු සහ දිගුකාලීන කොවිඩ් නියෝගවලට එරෙහිව රටේ ජනතාව විරෝධතා දැක්වූහ. 

චීනය තුළ සහ ඉන් පිටත පෙලපාලිකරුවන් චීන රජයේ කොවිඩ්-19 දැඩි සීමාකිරීම්, ආර්ථික දුෂ්කරතා, වාරනයන් සහ ජනාධිපති ෂී ගේ පුළුල් බලයට එරෙහිව විරෝධතා දක්වනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles