Saturday, July 27, 2024

මුම්බායි ප්‍රහාරකයෙක් ගෝලීය ත්‍රස්තවාදියෙක් ලෙස නම් කිරීමට චීනය හරස් වෙයි – ඉන්දියාව කිපෙයි

පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තයිබා සංවිධානයේ සජිඩ් මිර් “ගෝලීය ත්‍රස්තවාදියෙකු” ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙන යෝජනාව අවහිර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට දැඩි ලෙස චෝදනා කර ඇත.
සජිඩ් මිර් අසාදු ලේඛනගත කිරීමට සහ ඔහු වත්කම් අත්හිටුවීමට සහ ඔහුට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට එක්සත් ජනපදය හා ඉන්දියාව සම අනුග්‍රාහකත්වයෙන් ගෙනා යෝජනාව චීනය නිෂේධ බලය පාවිච්චි කරමින් අවහිර කළේය.
මේ සම්බන්ධයෙන් චීනයට දැඩි ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී රැස්වීමේදී ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රකාශ් ගුප්තා පැවසුවේ “ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශ වූ පරිදි ගෝලීය සම්බාධක තන්ත්‍රයේ යම් දෙයක් ඇත්ත වශයෙන්ම වැරදි බව විශ්වාස කිරීමට ප්‍රබල හේතු ඇති” බවයි.
ඉන්දියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරවල ඉතිහාසය විස්තර කරමින්, “දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාව බොහෝ දුරට දේශසීමා හරහා ගලා එන ත්‍රස්තවාදයේ දරුණුකමට මුහුණ දී ඇත. එය 2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය වේවා, 2016 පතන්කොට් ගුවන් කඳවුරේ ප්‍රහාරය වේවා, 2019 පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය වේවා, ත්‍රස්තවාදයට එරෙහි මෙම සටනේදී අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මෙන්ම අපගේ සන්නද්ධ හමුදාවන්ගේ නිර්භීත පුද්ගලයන් දහස් ගණනක් අපට අහිමි විය. නමුත් කනගාටුවට කරුණක් නම්, මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් තවමත් යුක්තිය මගහැරීමයි” ගුප්තා පැවසුවේය.
මේ අතර, පකිස්ථානය පදනම් කරගත් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු නම් කිරීමේ යෝජනා කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ චීනය විසින් අවහිර කර ඇත.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බීජිං විසින් ලෂ්කාර්-ඊ-ටයිබා (එල්ඊටී) ප්‍රධානී හෆීස් සයීඩ්ගේ පුත් තල්හා සයීඩ් ලැයිස්තුගත කිරීමේ යෝජනාවක් අත්හිටුවා ඇත.
මෙම යෝජනාව ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද අතර එක්සත් ජනපදය සම-සහයෝගය දැක්වීය.

ඔක්තෝම්බර් මාසයේදී ලෂ්කාර්-ඊ-ටයිබා සාමාජික ෂහීඩ් මහමුද්, සැප්තැම්බර් මාසයේදී ලෂ්කාර්-ඊ-ටයිබා (එල්ඊටී) ත්‍රස්තවාදී සජිඩ් මිර්, එල්ඊටී සහ ජමාත්-උද්-ඩාවා (JuD) නායක අබ්දුල් රෙහ්මාන් මක්කි ජූනි මාසයේ දී මෙන්ම අගෝස්තු මාසයේ දී Jaish-e Mohammed (JEM) ප්‍රධානී Masood Azhar ගේ සහෝදරයා වන Abdul Rauf Azhar ද ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමේ යෝජනා බීජිං විසින් අවහිර කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles