Saturday, July 27, 2024

වසරේ මුල් මාස 5ට පාකිස්තානයේ දේව අපහාස චෝදනා එල්ල වූ සිද්ධීන් 57ක්

සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මහජන කොමිසම (PCMR) විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 ජනවාරි සිට මැයි දක්වා පාකිස්ථානයේ අවම වශයෙන් දේව අපහාස නීතිය යටතේ චෝදනා ගොනු කිරීමේ සිද්ධීන් 57ක් වාර්තා වී තිබේ.
වැඩිම ගණන, පන්ජාබ් හි 28ක් වාර්තා විය. සින්ද්හි සිද්ධීන් 16 ක් වාර්තා වූ අතර, කයිබර් පක්තුන්ක්වා සිද්ධීන් අටක් සහ අසාද් ජම්මු සහ කාශ්මීරයෙන් සිද්ධීන් පහක් වාර්තා විය.
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජෝසප් ජැන්සන් සහ යුක්තිය සඳහා හඬ සංවිධානයේ සභාපතිවරයා මෙම තත්ත්වය හෙළා දකින අතර, බොහෝ මිනිසුන් වසර ගණනාවක් සිරගෙවල්වල සිටින බැවින්, අපහාස කිරීමේ නීති අනිසි ලෙස භාවිතා කිරීම සහ පුද්ගලික ආරවුල් විසඳීම සඳහා පළිගැනීමේ ක්‍රියාවක් ලෙස එය භාවිතා කිරීම නැවැත්විය යුතු බව පැවසීය.
ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමේ 2023 වාර්ෂික වාර්තාව ද පාකිස්ථානයේ අසත්‍ය අපහාස චෝදනා මත පදනම් වූ නඩු පැවරීම් සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ආගමික සුළුතරයන්ගේ වැඩිවන අසරණ භාවය අවධාරනය කර තිබේ.
ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් විසින් එකිනෙකාගේ ප්‍රතිවාදීන්ට එරෙහිව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පකිස්ථානයේ දේව අපහාස නීති ආයුධයක් කර ගන්නා බවද කොමිෂන් වාර්තාව අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles