ලෝක වෙළඳ සංවිධානය ඉන්දියාව ඉල්ලූ ධීවර සහනාධාර සඳහා එකඟවෙයි.

0
311

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) රැස්වීමේදී ප්‍රකාශයට පත් කරන ලද ධීවර සහනාධාර ගිවිසුම ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව එරට මධ්‍යම වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුශ් ගොයාල් පවසා තිබේ.

ජූනි 12 වැනි දින ආරම්භ වූ සිව් දින සාකච්ඡා සිකුරාදා අලුයම අවසන් වූයේ ධීවර සහනාධාර ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් එකඟතාව පළ කරමිනි.

පනවන ලද නීතිය මගින් ආදායම සහ ආහාර සුරක්ෂිතතාව සඳහා සමුද්‍ර සම්පත් මත යැපෙන ලොව පුරා බොහෝ ධීවර ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇති බව පැවසේ.

ගොයාල් පැවසුවේ ඇතැම් රටවල් ගැඹුරු මුහුදේ අහිතකර හෙවත් නීතිවිරෝධී මසුන් ඇල්ලීම හේතුවෙන් ලොව පුරා මත්ස්‍ය සම්පත අවසන් වීමේ වගකීම ඔවුන් සතු බවයි.

ඔවුන් සඳහා නියාමනයක් ගෙන ඒමට ඉන්දියාව සමත් වූ බවත් එය ඉන්දියාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සංවර්ධිත රටවලට දෝෂාරෝපණය කරමින් ඔහු පැවසූයේ නියාමනයට පිටින් කටයුතු කරන සහ නීති විරෝධී සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීමේ නිරත වූවන් ද මෙම රෙගුලාසිය මගින් ආවරණය වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here