ඉන්දියාව ප්‍රධාන රටවල් 04 ක් සමග නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළ‍ඹෙයි

0
264

එළඹෙන 2023 වසර ඉන්දියානු වෙළඳ සාකච්ඡා සදහා අතිශයින් කාර්යබහුල වනු ඇති බව වාර්තා වේ.

ඒ ඉන්දියාව ප්‍රධාන ආර්ථිකයන් හතරක් එනම් එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය (EU), කැනඩාව සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC) සමග නිදහස් වෙළඳ ගනුදෙනු සඳහා සම්බන්ධවීමට නියමිතවීමයි.

ඒ අනුව මාර්තු මාසය වන විට එක්සත් රාජධානිය සමග වෙළඳ ගනුදෙනුව අවසන් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙන බව වාර්තා වේ.

ඉන්දියාව මේ වසරේ ගිවිසුම් දෙකක් අවසන් කරන ලද අතර පෙබරවාරි 18 දින අත්සන් කරන ලද ඉන්දියා-එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිදහස් වෙළඳ ගිවිසුම මැයි 1 දින නිල වශයෙන් බලාත්මක වූ අතර, අප්‍රේල් 2 දින අත්සන් කරන ලද ඉන්දියා-ඕස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළඳ ගිවිසුම (ECTA) ලබන වසරේ ක්‍රියාත්මක වීමට නියමිතය..

පසුගිය සතියේ කැනඩාව සමඟ පස්වන වටයේ සාකච්ඡා පැවැත්වු අතර, ඉන්දියා-යුරෝපා සංගමයේ වෙළඳ සාකච්ඡා වටයේ තුන්වන වටය නොවැම්බර් 28 වනදා ආරම්භ වීමට නියමිතය.

ඊට අමතරව, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය සමඟ වෙළඳ ගනුදෙනුවක් සඳහා යොමු කිරීමේ කොන්දේසි මේ වන විට සාකච්ඡා වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here