Thursday, March 28, 2024

ඉන්දියාවෙන් තවත් පිටි තොගයක් ඇෆ්ගනිස්තානයට

ආහාර අර්බුදයෙන් පෙළෙන ඇෆ්ගනිස්ථානයේ ජනතාව සඳහා තිරිඟු ටොන් 10,000 ක මානුෂීය ආහාර ආධාර සැපයීම සඳහා ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත.
අවබෝධතා ගිවිසුම මගින් ඉන්දියාව කැපවී ඇති මානුෂීය ආහාර ආධාර තොගයේ පස්වන කොටස කඩිනමින් නැව්ගත කිරීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ, ඉන්දියාවෙන් තිරිඟු ටොන් 40,000 ක දායකත්වය ද සමගින් ඇෆ්ගනිස්ථානය පුරා ආහාර අනාරක්ෂිත මිලියන 23 ක් සඳහා ලෝක ආහාර වැඩසටහන සහාය ලබා දුන්නේය.
මෙම අවබෝධතා ගිවිසුමට මුම්බායිහිදී අත්සන් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාකිස්තාන-ඇෆ්ගන්-ඉරාන අංශයේ සම ලේකම් ජේ පී සිං සහ ඉන්දියාවේ ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂ එලිසබෙත් ෆෝරේ අතර ය.
“ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් ලබා දෙන ආහාර ආධාර සඳහා ඉන්දීය රජයට අවංක කෘතඥතාව පළ කරනවා. ඉන්දියාවේ සහයෝගය අවශ්‍යතා ඇති පවුල් සඳහා ජීවනාලිය වී ඇති අතර එය ඇෆ්ගනිස්ථානය පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ලෝක ආහාර වැඩසටහන සපයන ආධාරයේ වැදගත් කොටසකි,” ෆෝරේ පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles