Friday, March 29, 2024

භූතානයටත් අත්වන්නේ ශ්‍රී ලංකාවේ ඉරණමද?

චීනය දශක ගණනාවක් තිස්සේ භූතානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව සමඟ සෙල්ලම් කරමින් සිටින බව රෙඩ් ලැන්ටර්න් ඇනලටිකා (Red Lantern Analytica) නිරීක්ෂණ සංවිධානය පවසයි.
Red Lantern Analytica යනු චීන-ඉන්දියා සබඳතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් චීනය සම්බන්ධ තීරණාත්මක කරුණු පිළිබඳ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පර්යේෂණ කරන ජාත්‍යන්තර කටයුතු නිරීක්ෂක කණ්ඩායමකි.
2017 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ඉන්දියාව, භූතානය සහ චීනය අතර පිහිටි මතභේදාත්මක ප්‍රදේශයක් වන ඩොක්ලාම් සානුව පිළිබඳ ප්‍රශ්නය ප්‍රසිද්ධියට පත් වූ අතර චීන හමුදා ඩොක්ලාම් හි දැනට පවතින මාර්ගයක් දකුණට දිගු කිරීමට ද පටන් ගෙන තිබේ.
චීනය සිය අධිපතිවාදී ආශාවන් නිසා මුළු සානුවටම හිමිකම් කියන අතරම, ඉන්දියාව ඓතිහාසික ගිවිසුම්වල ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරමින් සිටින බව එම සංවිධානයේ අදහසයි.
මිත්‍රත්ව ගිවිසුම වැනි ගිවිසුම් යටතේ ඉන්දියාව සමඟ සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධීකරණය කිරීමට භූතානය එකඟ වුවද චීනය විසින් තම ස්ථාවරය වෙනස් කරන ලෙසට මේ වනවිට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.
Red Lantern Analytica පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ ආසියාව චීනයේ කුරිරු ‘ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකත්වයේ’ ඉලක්කයන් බවට පත්වූ බවයි.
මේ නිසා භූතානය අවදියෙන් සිටිය යුතු අතර චීනයේ සැකසහිත උගුල්වලට හසු නොවී සිය ගැටුම් නිරාකරණය කිරීමට සැමවිටම උත්සාහ කළ යුතු බව එම සංවිධානයේ අදහසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles