Saturday, April 27, 2024

ණය සහන සැලසීම ගැන ඉන්දීය මුදල් ඇමතිනියගේ ඉල්ලීම

ජාත්‍යන්තර ණය අර්බුදය විසඳීම සහ ගෝලීය දරිද්‍රතා අභියෝගයට ආමන්ත්‍රණය කිරීම එකිනෙකට සමඟ සමීපව බැඳී ඇති බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසීය.
ඉන්දියාවේ සභාපතිත්වය යටතේ වොෂින්ටන්හිදි ආරම්භ වූ ජී 20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ දෙවැනි රැස්වීමේදී සීතාරාමන් ඉල්ලා සිටියේ දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය කාලෝචිත ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නා ලෙසයි.
බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ ඒවායේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය ශක්තිමත් කිරීමේ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ලෝකයේ අඩු ආදායම්ලාභී රටවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ණය උවදුරේ ඉහළ අවදානමක හෝ දැනටමත් එයට මුහුණ දී සිටින බවටයි ගණන් බලා ඇත්තේ.
එම ගණනයට අනුව අඩු ආදායම්ලාභී රටවල් 70කගේ පමණ සමස්ත ණය බර ඩොලර් බිලියන 326ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles