Saturday, April 20, 2024

සංචාරක ආකර්ෂණය දිනූ ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය

කාශ්මීර නිම්නයේ මහජනතාවට විවෘත කෙරුණු ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය පළමු දින දහය තුළ සංචාරකයින් 130,000 කට ආසන්න සංඛ්‍යාවක් නරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රීනගර් සිට පහසුවෙන් සංචාරය කළ හැකි ඉන්දිරා ගාන්ධි ටියුලිප් උද්‍යානය පිහිටා ඇත්තේ ඩල් විල ඉවුරේ සබර්වාන් කඳු පාමුල ය.
උද්‍යානය තුළ වර්ග 68 කින් යුත් ටියුලිප් ගස් මිලියන 1.6 කට ආසන්න ප්‍රමාණයක් තිබේ.
දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, විදේශිකයන් දහසකට වැඩි පිරිසක් ඇතුළුව 250,000 නරඹන්නන් උද්‍යානය නැරඹීමට පැමිණ ඇත.
වාර්තා වන අන්දමට පසුගිය වසරේ එක් මාසයකදී ලක්ෂ තුනකට අධික පිරිසක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණ තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles