Thursday, April 25, 2024

මෝදිගේ පාලනය තුළ ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියා පහළට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලන තන්ත්‍රයේ ත්‍රස්තවාදය නොඉවසීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට ජම්මු සහ කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියා බෙහෙවින් පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් G-20 සමුළුවද ශ්‍රීනගර් හි පැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇති අතර එමගින් පකිස්ථානයේ අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය හිමාල කලාපයේ අවසන් අදියරේ පවතින බවට ලෝකයට පණිවිඩයක් ලබා දීමට සූදානම් බවයි ඉන්දියාව පවසන්නේ.
G20 සංචාරක ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මැයි 22 සිට 24 දක්වා ශ්‍රීනගර්හි පැවැත්වීමට නියමිත බව ඉන්දියාව පසුගියදා නිවේදනය කළේය.
අද වන විට ජම්මු සහ කාශ්මීරයේ සක්‍රීය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව මෙතෙක් නොවූ විරූ ලෙස පහත වැටී ඇති අතර හිමාල කලාපයේ ත්‍රස්තවාදීන් 50කට ආසන්න පිරිසක් පමණක් ක්‍රියාත්මක බවටයි ගණන් බලා ඇත්තේ.
දශක තුනකට ආසන්න කාලයක් පකිස්ථානයේ අනුග්‍රහය ලබමින් පවත්වාගෙන ගිය කැරැල්ල පසුගිය වසර තුන තුළ ජම්මු – කාශ්මීර පොලිසිය සහ මධ්‍යම සන්නද්ධ හමුදාවන් එක්ව බිඳ දමමින් ත්‍රස්තවාදය විශාල වශයෙන් පාලනය කිරීමට සමත් වුණා.
මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ජම්මු – කාශ්මීර ආරක්ෂාව සමාලෝචනය කිරීම සඳහා නවදිල්ලියේපැවැත් වු රැස්වීමකදී ප්‍රකාශ කළේ ස්ථිරසාර සාමයක් සඳහා ඉතිරිව සිටින ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයන් කඩිනම් කළ යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles