Friday, March 29, 2024

ඉන්දියාවට නව ගුවන් යානා 1,700ක්

ඉන්දීය ගුවන් සමාගම් ඉදිරි වසර දෙක තුළ ගුවන් යානා 1,500 සිට 1,700 දක්වා ඇණවුම් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ගුවන් සේවා මධ්‍යස්ථානය (CAPA) පවසයි.

ඒ අනුව එයාර් ඉන්දියා සමාගම ගුවන් යානා 500 ක් සඳහා නව ඇණවුමක් සමඟ මෙම වැඩසටහනේ පළමු පියවර ගැනීමට අපේක්ෂා කරන බව වාර්තාවේ.

ගුවන් යානා 700කින් පමණ සමන්විත සමස්ත වාණිජ ඉන්දියානු බලඇණිය ලොව විශාලතම තනි ගුවන් සමාගම්වලට වඩා කුඩා වන අතර, තවත් ගුවන් යානා ඇතුළත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව CAPA පෙන්වාදෙයි.

CAPA පවසන්නේ, පශ්චාත්-කොවිඩ් යුගයේ ඉන්දියානු වෙළඳපොළ ගෝලීය අවධානයට ලක්ව ඇති අතර, රටේ ගුවන් වෙළඳපොළ ප්‍රමුඛස්ථානයක් ගෙන ඇති බවයි.

ඉන්දියාවේ සෑම ගුවන් සමාගමක්ම පාහේ ඉදිරි වසර කිහිපය තුළ නව ගුවන් යානා මිලදී ගැනීම සහ ඒවා සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ඇති බවද CAPA වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles