Thursday, April 25, 2024

සයිබර් තර්ජන නිසා වසරකට ඩොලර් ට්‍රිලියන ගණනක් අහිමිවෙනවාලු

ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සමන්විත සිව්පාර්ශ්වික (ක්වාඩ්) ආරක්ෂක සංවාදය විසින් පසුගියදා ඔවුන්ගේ ජාතීන් හරහා සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ‘ක්වාඩ් සයිබර් අභියෝගය’ නමින්  ව්‍යාපාරයක් දියත් කරන ලදී.

නිල නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් කාර්යාලය පවසා ඇත්තේ, ලෝකය පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් සයිබර් අපරාධ සහ අනෙකුත් ද්වේෂසහගත සයිබර් තර්ජනවල ඉලක්කයන් වන අතර එමඟින් සෑම වසරකම ඩොලර් ට්‍රිලියන ගණනක් අහිමි වන බවයි.

මෙම වැඩසටහන ඔස්සේ එම තර්ජනයන් වලක්වා ගැනීම අපේක්ෂා කෙරේ.

ක්වාඩ් රටවල් විසින් ඉන්දු-පැසිෆික් කලාපය සහ ඉන් ඔබ්බට අන්තර්ජාලය භාවිත කරන්නන්ට මෙම වැඩසටහනේ කොටසක් වීමට සහ ආරක්ෂිත සහ වගකිවයුතු සයිබර් පුරුදු ප්‍රගුණ කිරීමට එක්වන ලෙස කරන ආරාධනා කර තිබේ.

‘ක්වාඩ් සයිබර් අභියෝගය’ මඟින් සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය සහ ක්‍රියාව ඉහළ නැංවීමට මෙන්ම ආර්ථිකයන්ට සහ පරිශීලකයින්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා වඩාත් ආරක්ෂිත සහ ඔරොත්තු දෙන සයිබර් පරිසර පද්ධතියක් පෝෂණය කිරීමට අපේක්ෂා කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles