Saturday, April 20, 2024

පාකිස්තානයේ ඖෂධ සමාගම් 40ක වැඩ නතරවෙන හැඩ

පාකිස්ථානයේ උද්ධමනය මධ්‍යයේ අමුද්‍රව්‍ය නොමැති බව පවසමින් නිෂ්පාදනය නතර කිරමට සිදුවන බව එරට ඖෂධ සමාගම් 40කට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශ කර ඇත.

මෙම තත්වය වැලක්වීමට නම් වහාම සිය ඖෂධවල මිල ගණන් මිල වැඩි කළයුතු බවද එම සමාගම් පාකිස්ථාන ඖෂධ නියාමන අධිකාරියට දන්වා ඇති බව වාර්තා සඳහන් කරයි.

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවන බවට පාකිස්තාන රජය සහතික වුවද, සමාගම් 40 ක් පමණ පසුගියදා ප්‍රකාශ කළේ අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් සතියකින් නිෂ්පාදනය නතර කරන බවයි.

එපමණක් නොව, වෛද්‍ය සමාගම් කියා සිටියේ මිල වැඩි කිරීමක් අපේක්ෂා කරමින් ඉදිරිපත් කල ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණයක් ලබානොදෙන බවයි.

පාකිස්තාන ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සයිඩ් ෆාරුක් බුහාරි සඳහන්න් කර ඇති ආකාරයට සංගමය විසින් සියයට 28.5 ක මිල වැඩි කිරීමක් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles