Wednesday, January 15, 2025

ඉන්දීය නාවික හමුදාව විශේෂ ආරක්ෂක අභ්‍යාසයක් අරඹයි.

ඉන්දීය නාවික හමුදාව විසින් විශේෂ සමුද්‍ර ආරක්ෂණ අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

අභ්‍යාසය දින දෙකක් පුරා සිදු කෙරෙන අතර සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා මෙය පැවැත්වේ.

මෙහි මූලික අරමුණ වන්නේ ඉන්දියාව පුරා වෙරළ ආරක්ෂක උපකරණ සක්‍රීය කිරීම සහ පුළුල් වෙරළ ආරක්ෂක යාන්ත්‍රණය තක්සේරු කිරීමයි.

නිල ප්‍රකාශයට අනුව, මෙම අභ්‍යාසය සමස්ථ කිලෝමීටර් 7516 වෙරළ තීරය සහ ඉන්දියාවේ සුවිශේෂී ආර්ථික කලාපය ඔස්සේ සිදු කෙරෙන අතර ධීවර සහ වෙරළබඩ ප්‍රජාවන් ඇතුළු අනෙකුත් සමුද්‍රීය පාර්ශවකරුවන් සමඟ සියලුම වෙරළබඩ ප්‍රාන්ත ආදි සියල්ල මේ සදහා සම්බන්ධ කර ගනු ඇත.

මෙම අභ්‍යාසය ඉන්දීය නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික කටයුතු භාර අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles