IPL නව කණ්ඩායම් දෙක වාර්තාගත මුදලකට අලෙවි වෙයි

0
305

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02 ක හිමිකාරීත්වය ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදී සමාගම් 02 ක් ඊයේ හිමිකර ගෙන තිබෙනවා.

ඒ අනුව RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7, 090 කට මිලදී ගෙන තිබෙනවා.

CVC කැපිටල් සමාගම ඉන්දීය රුපියල් කෝටි 5,625 කට අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here