Friday, April 26, 2024

කොරාසාන්ලා චීන්නුන්ට දිගටම ගහයි

ඉස්ලාමීය රාජ්‍ය-කොරාසාන් සංවිධානය සහ ඇෆ්ගනිස්ථානයේ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් එරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වැඩිකර තිබේ.

2021 අගෝස්තු මාසයේ සිට, චීනය ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආර්ථික ආයෝජන වැඩි කර ඇති නමුත් මෙම ත්‍රස්ත සංවිධාන එම ආයෝජන ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවැසේ.

චීන ව්‍යාපෘතිවලට මෙලෙස ප්‍රහාර එල්ල කෙරෙන්නේ චීනයේ උයිගුර් මුස්ලිම් ජනතාවට එරෙහිව චීන රජය දක්වන කුරිරු හැසිරීමට පළිගැනීමක් ලෙස සලකන බව වාර්තා සඳහන් කරයි.

මෙම වසරේ ජනවාරි මස මුලදී, චීන සමාගමක් වන චයිනා පෙට්‍රෝලියම් ආර්ථික හා තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානය (CPEIC) තලේබාන් පාලන රජය සමඟ ආමු තෙල් නිධිය නිස්සාරණය කිරීමේ ගිවිසුම අත්සන් කළේය. මෙම ගනුදෙනුව තලේබාන් පාලන තන්ත්‍රය විසින් ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු ලැබූ සැලකිය යුතු ආයෝජනයකි.

පසුගිය දෙසැම්බරයේදී, චීනය විසින් පවත්වාගෙන යනු ලබන හෝටලයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස චීන ජාතිකයන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන්ට වහාම රට හැර යාමට සිදු විය. ඉස්ලාමීය රාජ්‍ය-කොරාසාන් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාරගත් බව පැවසෙනවා.

ඉන්පසුව, චීන නියෝජිත පිරිසක් ඉලක්ක කර ගනිමින් ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යාංශයට එල්ල වූ ප්‍රහාරයද සිදුකරන ලද්දේ එම කණ්ඩායම විසිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles