ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට පමණක් රුපියල් කෝටි 27,000 ක ආයෝජන අවස්ථා

0
528

ගල්ෆ් ආයෝජන සමුළුව හරහා ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය සදහා ඉන්දීය රුපියල් කෝටි 27,000 ක ආයෝජන යෝජනා අනුමත කර ඇති බව වාර්තා වේ.

ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕලන්දය ඇතුළු විවිධ රටවල ව්‍යවසායකයෝ රුසක් මෙම සමුළුවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රානත්යේ ආණ්ඩුකාර මනෝජ් සිංහා ප්‍රකාශ කළේ ආයෝජන ක්‍රියාත්මක වූ පසු ලක්ෂ හයත් හතත් අතර පිරිසකට රැකියා ලැබෙනු ඇති බවයි.

ජම්මු සහ කාශ්මීර ප්‍රානත්යේ විදේශ සබඳතා ශක්තිමත් කිරීමට සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සඳහා ගල්ෆ් ආයෝජන සමුළුවක් ශ්‍රීනගර් හි පවත්වන අතර රටවල් 36කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here