අන්තවාදයට එරෙහිව පකිස්තානයේ පෙළපාලි

0
302

පාකිස්තානයේ මෑත කාලීන ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව එරට ප්‍රදේශ ගණනාවක ජනතාව විරෝධතා රැලි පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

විවිධ පක්ෂ සහ සංවිධානවලට සම්බන්ධ, සිසුන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටි බව ද වාර්තා වේ.

විරෝධතාකරුවෝ සාමය සඳහා වන සටන් පාඨ ඇතුළත් බැනර් සහ පුවරු රැගෙන පෙළපාලිවල නිරත වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මෑත කාලීනව මතුව ඇති ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා එක්ව කටයුතු කළ යුතු බවත් ඒ සදහා රජය පුලුල් ලෙස මැදිහත් විය යුතු බවත් එම විරෝධතාකරුවෝ වැඩිදුරටත් සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here