Legands Leagues තරගාවලියේ අර්ජුනට ප්‍රධාන පුහුණුකරු තනතුරක්

0
300

ඕමානයේ පැවැත්වීමට නියමිත Legends Leagues ක්‍රිකට් තරඟාවලියේ Asian Lions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට අර්ජුන රණතුංග මහතා පත්කොට තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය මිස්බා උල් හක් විසින් දරණ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 09 දෙනෙක් මේ වන විට එම කණ්ඩායම් සංචිතයට ඇතුලත්ව සිටිනවා.

ජනවාරි මස 20 වනදා සිට තරඟාවලිය ක්‍රියාත්මකවන අතර මෙම තරඟාවලිය ඔබට Supreme Tv නාලිකාව සහ ඔවුන්ගේ යූ ටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැඹිය හැක.

ඒ, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ටී.එම්.ඩිල්ෂාන්, රොමේෂ් කළුවිතාරණ, දිල්හාර ප්‍රනාන්දු ,අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග සහ නුවන් කුලසේකරයි.

සනත් ජයසූරිය සමඟ ඔවුන් දෙදෙනා හෙට (19) ඕමානයට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා 1996 ලෝක කුසලාන නායක අර්ජුන රණතුංග ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති අතර මාරියෝ විල්ලවරායන් සහය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය යන රටවල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීගයේ පළමු වාරයේ තරග වැදීමට නියමිතයි.

මෙම රටවල ක්‍රීඩකයින් ඉන්දියාව, ආසියාව සහ ලෝකයේ සෙසු රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 3 කට බෙදා තිබෙනවා.

මෙම තරගාවලිය ජනවාරි 20 වැනිදා ඕමානයේ අල් අමෙරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here