Saturday, April 27, 2024

ඉන්දියාවේ ජෙට් එන්ජින් තාක්ෂණයට ඇමෙරිකාවේ ලොකු ඉල්ලුමක්

ජෙනරල් ඉලෙක්ට්‍රික් (General Electric) සමාගමේ ජෙට් එන්ජින්වල උසස් ආරක්ෂක සහ පරිගණක තාක්ෂණය දෙපාර්ශවය අතර හුවමාරු කරගැනීමට එක්සත් ජනපදය සහ ඉන්දියාව සැලසුම් කරන බව වාර්තාවේ.

විශේෂයෙන් රුසියානු අර්බුදයේදී චීනය සිදුකරන මැදිහත්වීම හමුවේ ඉන්දියාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ජෝ බයිඩ්න් පරිපාලනය විසින් මෙම තාක්ෂණික හුවමාරුව සිදුකරන බව පැවැසේ.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසා ඇත්තේ, රුසියාව සහ චීනය  විසින් එල්ල කරන ලද භූ දේශපාලනික අභියෝග හමුවේ එක්සත් ජනපදය සහ ඉන්දියාව සමීපව කටයුතු කළයුතු බවයි.

චීනයේ ආක්‍රමණශීලී මිලිටරි පියවර සහ ආර්ථික භාවිතයන් නවදිල්ලියට සහ ලොව පුරා අනෙකුත් අගනගරවලට දැඩි බලපෑමක් ඇති කර ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ඉන්දියාව උනන්දුවක් දක්වන එක් ක්ෂේත්‍රයක් වනුයේ දේශීයව නිෂ්පාදනය කරන GE ජෙට් එන්ජින් වන අතර, එය එහි සටන් ගුවන් යානා සඳහා භාවිත කරයි.

සුලිවන් පසුගිය අඟහරුවාදා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවූ අතර ඔවුහු ඇමරිකානු සහ ඉන්දියානු තාක්ෂණික සමාගම්වල විධායකයන් ඇතුළු පිරිසක්ද මුණගැසුණහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles