Friday, March 29, 2024

කොවිඩ්වලින් පසු ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වී අවසන්

කොවිඩ්-19 වසංගතයෙන් අනතුරුව ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සම්පූර්ණ වී ඇති බව ඉන්දීය ප්‍රධාන ආර්ථික උපදේශක වී අනන්තා නාගේස්වරන් පවසා තිබේ.

පසුගියදා සභාගත කරන ලද 2023 ආර්ථික සමීක්ෂණයකට අනුව 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 6 සිට 6.8 දක්වා අගයක් දක්වා වර්ධනය වන බවට පුරෝකථනය කර තිබේ.

මෙම සමීක්ෂණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසිනි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නාගේස්වරන් කියා සිටියේ, ආර්ථිකයේ ප්‍රකෘතිය සම්පූර්ණ බවත් වසංගතයෙන් යථා තත්ත්වයට පැමිණීම පිළිබඳව තවදුරටත් මැසිවිලි නැගීම අවශ්‍ය නැති බවත්ය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය ගැන අදහස් පළකරමින් නාගේස්වරන් එහිදී සඳහන් කරන ලද්දේ, මෙම සියලු ක්‍ෂේත්‍ර හරහා ණය වර්ධනය ඉහළ යමින් පවතින බවත්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා වූ ණය 2022 ජනවාරි මාසයේ සිට සියයට 30කින් වර්ධනය වී ඇති බවත්ය.

2022-23 පළමු භාගයේ දී ක්ෂේත්‍ර 10 ක පෞද්ගලික ආයෝජනය 2021-22 පළමු භාගයේ දී තිබූ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් ගන්නා බවද ඔහු පෙනවාදී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles