Thursday, April 25, 2024

චීනයේ අඟහරු රෝවරය ශිශිර නිද්‍රාවෙන් පසු නවතී

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ක්‍රියාත්මක කරන ලද චීන ග්‍රහලෝක ගවේෂණ වැඩසටහන යටතේ අඟහරු වෙත යොමු කරන ලද රෝවරය ශිශිර නිද්‍රාවෙන් පසු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
බලශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණින් එම රෝවරය ශිශිර නිද්‍රාවට යොමු කෙරුණේ පසුගිය මැයි මාසයේදීය.
බලාපොරොත්තු වූවාට වඩා දිගු ශිශිර නිද්‍රාවක තිබූ චීන රෝවරය යළි පණ ගැන්විය නොහැකි තත්ත්වයක පවතින බවටයි වාර්තා වන්නේ.
මෙම Zhurong රෝවරය Tianwen 1 මෙහෙයුම යටතේ දියත් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීය.
එය 2021 මැයි 15 දින අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩ බැස්සවීමට හැකි විය.
චීනයේ ග්‍රහලෝක ගවේෂණයේ ප්‍රධාන සැලසුම්කරු Zhang Rongqiao පැවසුවේ රෝවරයට දූවිලි මුසු වීමෙන් එහි සූර්ය බලශක්ති උත්පාදන හැකියාව මැඩපවත්වා ඇති බවට විශ්ලේෂණය කර ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස එය නැවත ආරම්භ කිරීමට ප්‍රමාණවත් විදුලිය නොමැති වී ඇති බවට ඔවුන් සැක පළ කරනවා.
චීන ග්‍රහලෝක ගවේෂණයේ මීළඟ අඟහරු මෙහෙයුම වන Tianwen 3 දියත් කිරීමට නියමිතව ඇත්තේ 2028 දීයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles