ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව ගැන අලුත් බලාපොරොත්තුවක්..ක්‍රිස් සිල්වර්වුඩ් මෙරට ප්‍රධාන පුහුණුකරු වෙමින් කියු කතාව…

0
673
MELBOURNE, AUSTRALIA - FEBRUARY 09: England bowling coach, Chris Silverwood during a training session before the Twenty20 T20 international series match at the Melbourne Cricket Ground on February 9, 2018 in Melbourne, Australia. (Photo by Scott Barbour/Getty Images)

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (Sri Lanka Cricket) ආයතනය මේ වනවිට තීරණය කර තිබෙනවා.

ඒ වසර දෙකක කාලයක් සදහයි.

ක්‍රිස් සිල්වර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වුණේ, 2019 වසරේ ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බේලීස් එම ධුරයෙන් ඉවත්වීමත් සමඟයි.

මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සිල්වර්වුඩ් තරුණ ක්‍රීඩකයින් සමඟ කණ්ඩායමක් ගොඩනැංවීමට සමත් පුහුණුකරුවකු ලෙසයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 06ක් සහ එක්දින තරග 07කට ක්‍රීඩා කර ඇති ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරු දිවිය ආරම්භ කරනවා.

 ”මම ශ්‍රී ලංකාවට ගොස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා, ඔවුන් සතුව දක්ෂ සහ උද්යෝගීමත් ක්‍රීඩකයින් පිරිසක් සිටින අතර ඔවුන් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලය ඉක්මනින් මුණගැසී කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.” යනුවෙන්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here