පකිස්තාන මැතිවරණයේ කාන්තා ඉඩ අහිමිවෙයි?

0
460

පකිස්තානයේ පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයින් ලෙස කාන්තාවන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් එරට දේශපාලන පක්ෂ මන්දගාමී ලෙස කටයුතු කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති ආසනවලින් සියයට 17 ක ප්‍රතිශතයක් සදහා කිසිදු පක්ෂයකින් මෙතෙක් අපේක්ෂිකාවන් ඉදිරිපත් කර නොමැති බවයි.

පෙර සැලසුම් කළ පරිදි දෙසැම්බර් 31 වනදා පකිස්ථානයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

සැලසුම් ගත පරිදි එය පැවැත්වුවහොත් වෙන් කළ ආසනවලින් පහෙන් එකක් තවදුරටත් පුරප්පාඩුව පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විචාරකයින් පවසන්නේ පකිස්ථානයේ දේශපාලන පක්ෂවල අසාර්ථකත්වයට එය හේතුවිය හැකි බවයි.

කෙසේවෙතත් පකිස්ථානයේ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කාන්තාවන් 434 දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ඉන් වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ පකිස්ථානයේ PTI පක්ෂයයි.

මුස්ලිම් ලීගය ඉදිරිපත් කර ඇත්තේ සියයට 25 ක ප්‍රතිශතයක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here