ත්‍රස්තවාදීන්ට රැකවරණය දීම පාකිස්තානයට පාරාවළල්ලක් වෙයි

0
494

පකිස්තානය 1980 සිට අනුග්‍රහය දැක්වූ ජිහාද් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරකම් නැවතත් හිස ඔසවමින් ඇති බව වාර්තා වේ.

මේ වන විට පකිස්තානයට එම සංවිධානවල සටන් ශක්තිය සහ මූල්‍ය ශක්තිය අභියෝගයක් වී ඇති බවත් වර්තමානයේ එම සංවිධාන ඔවුන්ගේ දේශපාලන සහ යුද අනුග්‍රාහකයන්ට වඩා ශක්තිමත් සහ ස්වාධීන වී ඇති බවත් ආරක්ෂක විශ්ලේෂකන් පෙන්වා දී තිබේ.

එම සංවිධාන බොහොමයක් මේ වනවිට රජයට එරෙහිව කටයුතු කරන බවත්, ලෂ්කාර්-ඊ-ටයිබා වැනි ඇතැම් කණ්ඩායම් අනාගතයේදී දැඩි අභියෝගයක් වීමට ඉඩ ඇති බවත් ජාත්‍යන්තර බුද්ධි මණ්ඩලයක් වන අයිතීන් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදය පවසයි.

එම සංසදයට අනුව, 1980 සහ 1990 දශකවලදී ත්‍රස්තවාදී සංවිධාන 81ක් පාකිස්තානය තුළ ක්‍රියාත්මක වූ අතර ඉන් 36ක් දැන් අක්‍රියව පවතින අතර ඉතිරි 45 තවමත් සක්‍රීයව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here