Wednesday, May 8, 2024

චීනය දකුණු චීන මුහුදේ යළි බලය නංවන්නට සැරසෙයි.

දකුණු චීන මුහුදේ දූපත්හි තමන්ට සුදුසු යැයි හැඟෙන පරිදි සංවර්ධනය කටයුතු කිරීමට අයිතියක් ඇති බව චීනය යලි අවධාරනය කර තිබේ.

එම ප්‍රකාශය දකුණු චීන මුහුදේ ඇති කෘතිම දූපත් හමුදා කඳවුරක් බවට පරිවර්තනය නොකරන බවට පසුගිය මාර්තු 22 දින චීනය පැවසූ දෙයට පටහැනි ප්‍රකාශයක් බව විදෙස් විචාරකයන්ගේ අදහසයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මෑතකදී ප්‍රකාශ කළේ චීනය විසින් තමන්ගේම භූමියේ අවශ්‍ය ජාතික ආරක්ෂක පහසුකම් යෙදවීම සෑම ස්වෛරී රටකටම හිමි අයිතියක් වන අතර එය ජාත්‍යන්තර නීතියට ද අනුකූල වන බවයි.

පිලිපීනයේ පැමිණිලි සම්බන්ධයෙන් 2016 දී එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ තීන්දුව පිළිගැනීම චීනය ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කළ අතර පසුව පැමිණිලි කරන රට සන්සුන් කිරීමට එහි ආර්ථික බලය භාවිතා කළ බව හොංකොං පුවත්සේව්‍ය වාර්තා කළේය.

මේ අතර දකුණු චීන මුහුදේ හි චීනය කරන ඕනෑම දෙයක් ජාත්‍යන්තර නීතියට අනුකූල බව වන ප්‍රකාශය අමූලික බොරුවක් බව විචාරකයන්ගේ අදහසයි.

අදාළ පිලිපීන නඩු විභාගයේ දී විනිශ්චය සභාව පැහැදිලිවම පෙන්වා දී තිබුණේ චීනය සාගර පරිසරයට නිවැරදි කළ නොහැකි හානියක් සිදු කරමින්, පිලිපීනයේ නැව් අනතුරේ හෙළමින්, පිලිපීනයේ ධීවර හා තෙල් ගවේෂණ කටයුතුවලට බාධා කරමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles