Saturday, April 27, 2024

ඉම්රාන්ගේ පක්ෂයේ ගිණුම්වල අක්‍රමවත් මූල්‍ය ගනුදෙනු රැසක් ගැන හෙළිදරව් වේ.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පී.ටී.අයි) පක්ෂයේ මූල්‍ය ගිණුම්වල අක්‍රමවත් මූල්‍ය ගනුදෙනු සහ පැහැදිලි කළ නොහැකි විශාල ගනුදෙනු ඇති බව අනාවරණය වී තිබේ.

එම ගිණුම්හි හිමිකාරිත්වය පිළිබඳව පක්ෂය නොදන්නා බව පවසමින් එහි වගවීම මග හැරීමට උත්සාහ කර ඇති බවට ද එරට මාධ්‍ය මගින් චෝදනා නගා ඇත.

එම පක්ෂය විසින්ද මෑතදී පකිස්තාන මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ එහි ජ්‍යෙෂ්ඨතම නායකයන් කිහිප දෙනෙකු විසින් විවෘත කරන ලද බැංකු ගිණුම් දුසිමකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරන ලෙසටයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු වත්මන් පාලනයේ රජයේ නිලධරයන් ලෙස සේවය කර ඇති බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.

පක්‍ෂයේ මුදල් දෙපාර්තමේන්තුවේ අනුදැනුමකින් තොරව මෙම ගිණුම් ක්‍රියාත්මක වූ බවට පක්ෂය කරන ප්‍රකාශය කිසිසේත්ම විශ්වාස කල නොහැකි බව පෙනෙන්නේ ඔවුන් විසින් යම් අවස්ථාවල දී මෙම ගිණුම්වලට පක්ෂයේ මුදල් මාරු කර ඇති නිසා බවයැයි එරට මාධය වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles