Friday, April 26, 2024

ඉන්දියාවේ ‘අසල්වැසියා පළමුව’ ප්‍රතිපත්තියට මාලදිවයිනෙන් ඉහළ ප්‍රතිචාරයක්

මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ඉන්දියාවේ “අසල්වැසි පළමු ප්‍රතිපත්තිය” ඉහළින් පිළිගෙන ඇති අතර ඒ යටතේ කොවිඩ්-19 වසංගතය සමයේ නවදිල්ලිය විසින් සපයන ලද ආධාර හේතුවෙන් තම රට අතිවිශාල සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ ලබා ඇති බව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයෙකු ද වන ෂාහිඩ්, මාලදිවයින සමඟ වසර ගණනාවක් සහයෝගයෙන් එහි මිතුරෙකු සහ හවුල්කරුවෙකු වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිය පුද කළේය.

වසර ගණනාවක් පුරා පවතින ඉන්දියාව සහ මාලදිවයින අතර සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත්ව වර්ධනය විය යුතු බවත් මාලදිවයින සමග හවුල්කරු වීම පිළිබඳව තමන් ඉන්දියානු රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වෙන බවත් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මාර්තු 26 සිට මාර්තු 27 දක්වා මාලදිවයිනේ සංචාරය කළ අතර ඔහු එම සංචාරයේ නිරත වූයේ ද ඔහුගේ මාලදිවයින් සහකරු අබ්දුල්ලා ෂාහිඩ්ගේ ආරාධනයෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles