Friday, May 17, 2024

පාසල් ළමුන් කබලෙන් ලිපට… මගීන් මහ මග අසරණ වෙයි…

විරෝධතා නොමැති ප්‍රදේශවල අද දිනයේ බස් රථ සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, විරෝධතාකරුවන් විසින් මාර්ග අවහිර කිරීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයන්ටද සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහන රථ ගාස්තු රුපියල් දහසත් දෙදහසත් අතර ප්‍රමාණයන්ගෙන් ඉහළ දැමෙන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.

මේ අතර, හෙට දිනට පෙර ඉන්ධන මිල සහ බස් ගාස්තු අඩුකිරීමක් හෝ සේවයට වාර්තා කිරීම පහසුවන ක්‍රමවේදයක් සකස් කිරීමක් සිදු නොකරන්නේ නම් ලබන සඳුදා සිට රාජකාරී සඳහා වාර්තා නොකරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles