දුකකදී මුලින්ම එන්නේ ඉන්දියාවයි – මෝදි කියයි

0
265

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ස්වාභාවික විපත්වලට ගොදුරු වූ රටවලට පළමුව ප්‍රතිචාර දක්වන්නා ලෙස ඉන්දියාව පෙරමුණට පැමිණ ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ.

තුර්කියේ සිට ආපසු පැමිණි 99 දෙනෙකුගෙන් යුත් භූමිකම්පාවෙන් විපතට පත් ඉන්දියානුවන් කණ්ඩායම සුවදුක් විමසමින්  අගමැතිවරයා මේ බව පවසා ඇත.

පසුගිය පෙබරවාරි 06 වැනිදා සිදුවූ භූමිකම්පාවෙන් අනතුරුව මානුෂීය අවශ්‍යතා සඳහා ඉන්දියාව පැය කිහිපයක් ඇතුළත ප්‍රතිචාර දැක්විය.

එහිදී තුර්කියේ ආපදාවට ලක් වූ කලාපයේ ජනතාවට උපකාර කිරීම සඳහා සහන සේවා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ම පිටත්කර හැරීමටද ඉන්දියාව පියවර ගත්තේය.

ඒ හා සමානව, සහන ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් ගුවන් යානා “ඔපරේෂන් ඩොස්ට්” ලෙස නම් කර ඇති වැඩසටහන යටතේ සිරියාවටද ආධාර යොමුකර ඇත.

මෑත වසරවලදී ඉන්දියාව ලෝකයේ විවිධ ස්ථානවල මෙවැනි සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කර ඇති බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here