ණය වාරිකවලින් හතරෙන් එකක් චීනයෙන්

0
540

ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වසරේ විවිධ රටවලට සහ මූල්‍ය ආයතනවලට ගෙවීමට ඇති ණය වාරිකවලින් හතරෙන් එකක්ම ගෙවීමට ඇත්තේ චීනයට බව හෙළිවී තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ හරිත මූල්‍ය සහ සංවර්ධන මධ්‍යස්ථානයේ මගින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයක දීය.

ඊට අනුව ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 68ක් පමණ මේ වසරේ ණය සහ වාරික පිරිවැය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 52.8ක් ගෙවීමට ඇති අතර ඉන් චීනයට සහ එරටට සම්බන්ධ වෙනත් ණය දෙන ආයතනවලට ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 14 කට ආසන්න වේ.

එම පර්යේෂණයට අනුව , සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාලතම ණය දෙන්නන්ගෙන් ප්‍රමුඛතම රට වී ඇත්තේ චීනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here