Wednesday, May 8, 2024

ඇෆ්ගනිස්තානයෙන් පිට කළ අවි තොගයක් අත්අඩංගුවට

ඇෆ්ගනිස්ථානයේ අල් බද්ර් (Al-Badr) දේශසීමා හමුදා මුරපොල ඔස්සේ පකිස්ථානයට හොර රහසේ රැගෙන එමින් තිබූ යුධ උපකරණ විශාල ප්‍රමාණයක් පකිස්තාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්අඩංගුවට ගත් හමුදා උපකරණ අතර විවිධ ගිනිඅවි සහ පතොරම් විශාල සංඛ්‍යාවක් වූ බව සඳහන් වන අතර මේවා සියල්ලම පාහේ ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්තානයේ අතහැර ගිය ඒවා බව පැවසේ.

මේ අතර තවත් වාර්තාවක් සදහන් කර ඇත්තේ පාකිස්තානය විසින් පකිස්තාන තලේබාන් සංවිධානය ‍හෙවත් Tehrik-i-Taliban Pakistan (TTP) අතට පත්වනු ඇතැයි යන බිය මධ්‍යයේ එක්සත් ජනපද හමුදාව අතහැර ගිය අවි මිලදී ගැනීම පවා සිදු කරන බවයි.

ඇමරිකානු හමුදා ඉවත් වීමෙන් පසු තලෙයිබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද එක්සත් ජනපද ආයුධ, ඇෆ්ගන් තුවක්කු වෙළෙන්දන් විසින් වෙළඳසැල්වල විවෘතව අලෙවි කරන බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ද පෙන්වා දී තිබිණ.

ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව ගිය පසු තලේබාන් සංවිධානය අවි ආයුධ විශාල ප්‍රමාණයක් රැස් කර ගත් අතර හමුදා පිටත්ව යාමට පෙර අදාළ ආයුධ අක්‍රීය කර ඇති බව පෙන්ටගනය පැවසුවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා පෙන්වා දෙන්නේ තලෙයිබාන් සංවිධානයට සක්‍රීය ආයුධ දහස් ගණනක් ලැබී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles