Sunday, May 19, 2024

ඉන්දියානු සිසුන්ට ප්‍රංශයේ වැඩි අවස්ථාවක්

ඉන්දියානු සිසුන්ට සහ ආදි සිසුන්ට වැඩි අවස්ථාවා නිර්මණය කරමින්, අධ්‍යයන විශිෂ්ටත්වය, සංස්කෘතික අවබෝධය සහ ජාතීන් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රංශය නව මුල පිරීම් රැසක් ප්‍රකාශයට පත් කර ඇත.

2030 වන විට ඉන්දියාවෙන් සිසුන් 30,000ක් පිළිගැනීමට ප්‍රංශයේ ඉලක්කය ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය.

ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ සිසුන් සඳහා පස් අවුරුදු ෂෙන්ගන් සංසරණ වීසා බලපත්‍රයක් ලබා දීමද ජූලි මාසයේදී අගමැති මෝදිගේ ප්‍රංශ සංචාරයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

ප්‍රංශය නිවේදනය කළේ ශාස්ත්‍රපති උපාධියක් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබූ ඉන්දියානු සිසුන් මේ සඳහා සුදුසුකම් ලබන බවයි.

මෙය ඉන්දියානු සිසුන්ට ප්‍රංශය සහ ඔවුන්ගේ ප්‍රංශ සගයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි වන පරිදි විශේෂ විධිවිධානයකි.

මෙම මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා, ප්‍රංශය අතිරේක කාර්ය මණ්ඩලය සහ සම්පත් සමඟ ඉන්දියාවේ ප්‍රංශ විශ්වවිද්‍යාල මණ්ඩප ජාලය ශක්තිමත් කිරීමට ද තීරණය කර ඇත.

එමෙන්ම ප්‍රංශ රජය සහ ප්‍රංශ විශ්ව විද්‍යාල සංවිධාන කරන Choose France Tour 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය චෙන්නායි (ඔක්තෝබර් 8), කල්කටා (ඔක්තෝබර් 11), දිල්ලි (ඔක්තෝබර් 13) සහ මුම්බායි (ඔක්තෝබර් 15) යන ප්‍රධාන ඉන්දීය නගර හතරක පැවැත්වේ.

වෙළඳපොලේ සිටින ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතන 40 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සමඟ කතා කිරීමට සහ විවිධ අධ්‍යයන විකල්ප ගැන ඉගෙන ගැනීමට එය ඉන්දියානු සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට අපූරු අවස්ථාවක් ලබා දෙනු ඇති බව ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles