Sunday, September 8, 2024

දකුණු කොරියාවේ ‘චීන පොලිසි‘

සෝල් හි චීන නියෝජිතයින් විසින් ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන චීන “රහස් පොලිස් ස්ථාන” ගැන දකුණු කොරියානු බලධාරීන් විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.
ආරක්ෂක බලධාරීන් විසින් දකුණු ජෙජු දූපතේ චීන “රහස් පොලිස් ස්ථාන” දෙකක් අනාවරණය කරගෙන ඇති අතර, පසුගිය වසරේ සෝල් නුවරින් සොයාගත් එකක් ඇතුළුව දකුණු කොරියාවේ එවැනි මුළු ස්ථාන සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
සෝල් හි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් චෝදනා “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” බවට ප්‍රකාශ කළේය.
“මේ රටේ චීනය විසින් පිහිටුවන ලද ඊනියා රහස් පොලිස් ස්ථාන නොමැති බව අපගේ ස්ථිර නිල ස්ථාවරයයි,” ඔහු පැවසීය.
චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පසුගිය මාසයේ පැවසුවේ “ඊනියා විදේශ පොලිස් ස්ථාන” නොමැති බවත් එවැනි චෝදනා එල්ල කරනුයේ “චීනයට මඩ ගැසීම සහ අපකීර්තියට පත් කිරීම” බවයි.
වසංගතය අතරතුර වෙනත් රටවල චීන ජාතිකයින්ට ආපසු සිය රට බලා යාමට උපකාර කරන ආයතන ඇති නමුත් මේවා “ඊනියා පොලිස් ස්ථාන හෝ පොලිස් සේවා මධ්‍යස්ථාන නොවේ” යැයි වැන්ග් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles