ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්වෙයි.ස්වාධීන වූ අයෙකුට ඇමතිකම ලබා දේ.

0
735
shantha bandara

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය තනතුර සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබෙනවා.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමෙන් පසු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිස් වූ අතර, එම පුරප්පාඩුවට යි ශාන්ත බණ්ඩාර පත් කර ඇත්තේ.

ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් අයෙක් වීම විශේෂත්වයක්.

එමෙන්ම ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද කටයුතු කරනවා.

ඔහුව නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කල බව දුමින්ද දිසානයක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here