Friday, April 26, 2024

අවුරුද්දට සිරකරුවන්ට සුබ පණිවිඩයක්.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සඳහා අද (12) සිට 16 වනදා දක්වා වි‍ශේෂ අවස්ථාවක් සලසා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසයි.

එහිදී, එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබේ .

එමෙන්ම සිරකරුගේ ඥාතීන් විසින් නිවසේ දී සකස්කර රැගෙන එන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව හිමි වේ .

සිරකරුගේ ඥාතියෙකුට හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගලයෙකුට, එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2,000 මුදලට අමතරව උත්සව සමය වෙනුවෙ න් රුපියල් 2,000 මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීම සිදුකළ හැකිය.

මීට අමතරව තම නිවසින් ආහාර වේලක් රැගෙන ඒමට අපහසු අමුත්තන් සඳහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබාදිය හැකි බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles