Thursday, April 25, 2024

උයිගර් මුස්ලිම්වරුන්ට උපවාසය තහනම් කෙරේ

චීන බලධාරීන් ශුද්ධ වූ රාමසාන් මාසය තුළ උයිගර් මුස්ලිම්වරුන්ට උපවාසයේ නිරත වීම තහනම් කර ඇත.
නීතිය උල්ලංඝනය කරමින් උපවාසයේ නිරතවන පිරිස් සෙවීමට චීන පොලිසිය ඔත්තුකරුවන්ද යොදවා ඇතැයි රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළේය.
රාමසාන් උපවාසය උයිගර් මුස්ලිම්වරුන්ට තහනම් කෙරුණේ 2017 වසරේ සිටය.
උයිගුර් සංස්කෘතිය, භාෂාව සහ ආගම හීන කිරීමේ උත්සාහයන් මධ්‍යයේ චීන බලධාරීන් මෙම තීරණය ක්‍රියාවට නංවා ඇත.
චීන බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සීමාව 2021 සහ 2022 දී අර්ධ වශයෙන් ලිහිල් කරන ලද අතර, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට උපවාසයේ නිරතවීමට අවසර ලැබුණි.
කෙසේ වෙතත් මේ වසරේ, චීන රජය වයස්, ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෘත්තිය නොසලකා සෑම කෙනෙකුටම උපවාස කිරීම තහනම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles