Sunday, May 5, 2024

පොහොට්ටුව බුදු පුතුට පුද දෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.

අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

ධම්මරතන හිමියන්ට මීට පෙර කැලණීය අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළුව එයට අලාභහානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප නියම වී තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles