T20 ලෝක කුසලානයේ සුපිරි 12ට එකතුවන කණ්ඩායම්

0
272

ශ්‍රී ලංකාව, නැමීබියාව, ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලබා තිබේ.

මූලික වටයේදී එම කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ හේතුවෙන් අදාළ කණ්ඩායම් එසේ සුදුසුකම් ලබා ඇත.

ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 44 ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7 යි එක් පන්දුවක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහණය වාර්තා කළේය.

‍නෙදර්ලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරඟයකදී දෙවන වරටත් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ඊයේ ශ්‍රී ලංකාව සමඟ පැවති මෙම තරඟයේදී වාර්තා කළේය.

මීට පෙර 2014 වසරේදී නෙදර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං හිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයකදී ලකුණු 39කට දැවි ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here