Friday, May 17, 2024

T20 ලෝක කුසලානය : ශ්‍රී ලංකාව අද නැමීබියාවට එරෙහිව තරග බිමට බසී

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සටන ආරම්භ කරයි.

මෙවර තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතරට ඍජුවම එක් වීමට නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා සුදුසුකම් ලැබීමට පළමු වටයෙන් තරග කිරීමට සිදු විය. එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අන්තර්ජාතික ක්‍රිකට් තරග බිමේ හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, තරගයේ වැඩි පීඩනයක් නැමීබියාව දෙසට යොමු තිබේ.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව නැමීබියාවට වඩා අන්තර්ජාතික පිටියේ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් රැසක් සිටින අතර, ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසු වන වනිඳු හසරංග ද සිටී. නැමීබියාව ශ්‍රේණිගත කිරීම්වල පසු වන්නේ 19 වැනි ස්ථානයේයි.
නෙදර්ලන්තය සහ අයර්ලන්තය ද මේ කාණ්ඩය නියෝජනය කරන අතර, සුපිරි 12 අතරට එක් වීමට වරම් ලැබෙන්නේ ඉන් කණ්ඩායම් දෙකකට පමණි. එහිදී එක් කණ්ඩායමක් තරග 3ක් ක්‍රීඩා කළ යුතු අතර, අවම වශයෙන් ඉන් තරග දෙකක් ජය ගැනීමට සිදු වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles