හොර චීන්නු පිරිසක් තලෙබන්ලාට හසුවේ

0
231

ලිතියම් සහිත පාෂාණ මෙට්‍රික් ටොන් 1000ක් ඇෆ්ගනිස්ථානයෙන් පිටතට ගෙනයාමේ චෝදනාව මත චීන ජාතිකයන් දෙදෙනකු ඇතුළු පස්දෙනකු තලේබාන් සංවිධානය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීන ජාතිකයන් ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානය හරහා චීනයට, සිය ඇෆ්ගන් සගයන් මාර්ගයෙන් මෙම වටිනා පාෂාණ රැගෙන යාමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම් සහ පාෂාණ රාජසන්තක කිරීම නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ මායිම් නගරයක් වන ජලාලාබාද්හිදී සිදුවී තිබේ.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව, පාෂාණවල ලිතියම් සියයට 30 ක් දක්වා අඩංගු අතර, ඒවා පාකිස්තානයේ මායිම පිහිටි ඇෆ්ගන් පළාත් දෙකක් වන නුරිස්තාන් සහ කුනාර් වෙතින් රහසිගතව ලබාගෙන ඇත.

2022 දෙසැම්බර් 12 වැනිදා ඇෆ්ගන් හෝටලයක් ඉලක්ක කරගත් බෝම්බ සහ තුවක්කු ප්‍රහාරයකින් චීන ජාතිකයන් පස්දෙනකුට තුවාල සිදු වූ දා සිට චීනය සහ ඇෆ්ගනිස්තානය අතර සබඳතාව පළුදු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here