ඇෆ්ගනිස්තානයේ රූපවාහිනී නාලිකාවලට ගීත සපුරා තහනම් වෙයි.

0
768
Afghan women walk down a street in Kabul, Afghanistan, September 16, 2021. Picture taken on September 16, 2021. WANA (West Asia News Agency) via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY - RC24RP931V6Q

කිසිදු ආකාරයකින් ගීත විකාශනය නොකළ යුතු බවට ඇෆ්ගනිස්තාන රූපවාහිනී නාලිකා වෙත තලේබාන් පාලකයන් විසින් තහනමක් පනවා තිබේ.

හිජාබ් ඇදුම හැර වෙනත් ඇදුම්වලින් සැරසුණු කාන්තාවන් සහිත විදෙස් රූපවාහීනි මාලා නාටක , දැන්වීම් ආදිය ද විකාශනය කිරීම සපුරා තහනම් බව තලේබාන් සංස්කෘතික අමාත්‍යංශය මගින් එරට මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

ප්‍රවෘත්ති ප්‍රකාශයන් සමබර විය යුතු බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තලේබාන් පාලනයේ ප්‍රතිචාර ද ප්‍රවෘත්ති තුළ ඇතුළත් විය යුතු බවත් මාධ්‍ය ආයතන වෙත අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇෆ්ගනිස්තාන මාධ්‍යවේදීන් සදහන් කර ඇත්තේ තලේබාන් පාලකයන් වෙතින් අදහසක් ලබා ගැනීමට දින දෙක තුනක් ගතවන බවයි.

මේ පසුබිම තුළ ඇෆ්ගනිස්තානයේ මාධ්‍යකරණය අසීරු කටයුත්තක් වී ඇතැයි ද එරට මාධ්‍යවේදීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here