Saturday, May 11, 2024

මෙරට සෑම වාණිජ බැංකුවකටම ලැබෙන ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට – මහ බැංකු අධිපතිගෙන් නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් මෙරට සියලු බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක් සිදුකර තිබෙනවා.

ඒ මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සිදු කරනු ලබන සියලුම විදේශ ගනුදෙනුවලින් 25%ක් අනිවාර්යයෙන්ම සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට වන නියෝගයක්ය. 2021 දෙසැම්බර් 27 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව සියලුම වාණිජ බැංකු තමන් සතුව ඇති ඩොලර් වලින් 75%ක් රඳවා ගනිමින් ඉතිරි 25% සතිපතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතු බව එහි දැක්වෙි. එම ප්‍රමාණය මේ දක්වා පැවතියේ 10% ක අගයක් ලෙසයි.

ඒ අනුව රුපියල්වලට පරිවර්තනය කරනු ලැබූ විවිධ වූ විනිමයන්ගෙන් ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවලින්, අපනයන ආදායම්වලින්, මහජනතාව අත ඇති විදෙස් මුදල්වලින් බැංකු වෙත ලැබුණු ඩොලර්වලින් 25% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කළ යුතු වෙයි.

මේ පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකරන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ බැංකු සතුව ඇති ශුද්ධ විදේශ වත්කම් මේ වන විටත් ඍණ අගයක් ගෙන තිබෙන පසුබිමක මහ බැංකුවේ මේ නියෝගය හේතුවෙන් බැංකු පද්ධතිය විශාල අර්බුදයකට ගමන් කරනු ඇති බවයි.

මේ පිළිබඳ අරුණ කරන ලද විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ දැනට රටේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය සහ අන්තර් භාණ්ඩ සීමා සහිත ආනයනයට මෙම නියෝගයෙන් තවදුරටත් බලපෑම් එල්ලවනු ඇති බවයි. විශේෂයෙන් ආනයනකරුවන්ට බැංකු හරහා ණයවර ලිපි විවෘත කිරීමේදී බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

අරුණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles