කාශ්මීරයේ බෙදුම්වාදී නා‍යකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමි වන ලකුණු

0
642

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බෙදුම්වාදී නායක යසින් මලික් පසුගියදා ජාතික විමර්ශන ඒජන්සි අධිකරණය හමුවේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ නඩුවකදී වරද පිළිගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව යසින් මලික් ඇතුළු බෙදුම්වාදී නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත සහ IPC යටතේ චෝදනා ගොනු කරන ලෙස අධිකරණය පසුගියදා නියෝග කර ඇත.

මේ අතර මලික්ට නියම කළ හැකි උපරිම දඬුවම, වන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් පිළිබඳ කරුණු දැක්වීම මැයි 19 වැනිදා අධිකරණයේ දී පැවැත්වෙනු ඇත.

ජම්මු හා කාශ්මීර ප්‍රාන්තය කැළඹූ ත්‍රස්තවාදී සහ බෙදුම්වාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාතික විමර්ශන ඒජන්සි අධිකරණය 2022 මාර්තු 16 වන දින ලෂ්කාර්-ඊ-ටයිබා නිර්මාතෘ හෆීස් සයීඩ් සහ හිස්බුල් මුජාහිදීන් ප්‍රධානී සයීඩ් සලහුධීන්, යසින් මලික්, ෂබීර් ෂා, මසරත් අලාම් ඇතුළු කාශ්මීර බෙදුම්වාදී නායකයින්ට එරෙහිව ‍චෝදනා ගොනු කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here