Saturday, April 27, 2024

තෙවසරකින් ලෝකයේ තුන්වැනි තැනට එන ඉන්දියාව

ඉන්දියාව 2027 වන විට ලොව තුන්වැනි විශාලතම ආර්ථික හිමි රට බවට පත්වන බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය පියුෂ් ගෝයල් පවසයි.
“දැන් අපි 5 වැනි විශාලතම ආර්ථිකය බවට පත්ව සිටිමු. 2027-28 වන විට අපි තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇත. ඉන්දියාව අද ඩොලර් ට්‍රිලියන 3.5 ක ආර්ථිකයක් වන අතර 2047 වන විට අපි නිදහසේ වසර 100 සමරන විට ඩොලර් ට්‍රිලියන 30-35 ක ආර්ථිකයක් බවට පත්වනු ඇත, ”ප්‍රංශයේ ඉන්දීය ඩයස්පෝරාව අමතමින් ගොයල් පැවසීය.
පසුගිය වසරේ අපනයන වටිනාකම ඩොලර් බිලියන 676ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රංශය සමඟ ඇති හවුල්කාරිත්වය ඉන්දියාව ගැඹුරින් අගය කරන බව ගෝල් පැවසීය. “මට විශ්වාසයි, මෙම හවුල්කාරිත්වය අවස්ථා සහ මිත්‍රත්වය යන දෙඅංශයෙන්ම තවදුරටත් වර්ධනයක් දකින බව ඔබ සෑම කෙනෙකුම පිළිගන්නා බව. අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට, ඔබ සියලු දෙනා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත,” ඔහු පැරිසියේ ඉන්දීය ඩයස්පෝරාව අමතමින් පැවසීය.
ඉන්දියාවේ සංවර්ධන ගමනේ කොටස්කරුවෙකු වන ලෙසත් ප්‍රංශයේ ඉන්දියානු සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ලෙසත් ගෝයල් ඉන්දියානු ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles