ජගත් මානව හිමිකම් ප්‍රධානියා චීනයට

0
395

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැෂලේ මහත්මිය ලබන සතියේ චීනයේ සුවිශේෂී සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී ඇය ෂින්ජියැන්ග් උයිගුර් ජනවර්ගවලට එරෙහිව සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනයවීම් පිළිබද දීර්ඝ ලෙස කරැණු සොයා බැලීමට නියමිත බව පැවසේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියෙකු චීනයේ සංචාරයක නිරත වන්නේ 2005 වසරෙන් පසුවයි.

ජන සංහාරයක කොටසක් ලෙස බහුතර මුස්ලිම් වාර්ගික උයිගුර්වරුන් සමූහ රැඳවුම් කඳවුරුවල තබා ඇති බවට මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජනපදය ඇතුළු සමහර රටවල් චීනය‍ට දිගින් දිග‍ටම චෝදනා නගයි.

කෙසේවෙතත් ෂින්ජියැන්ග් හි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජන සංහාරයක් සිදුවන බවට එල්ල වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here