ඇෆ්ගන් කාන්තා ගැටළු එක්සත් ජාතීන්ගේ ඇස ගැටේ

0
346

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන තලේබාන් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානය් යොමුකළ යුතු බව එජා විශේෂ නියෝජිත රෝසා ඔටුන්බයේවා අවධාරණය කර ඇත.

පසුගියදා, ඇෆ්ගනිස්ථානය සඳහා එක්සත් ජාතීන්විගේ සංවිධානය විසින් නම්කර ඇති විශේෂ නියෝජිත රෝසා ඔටුන්බයේවා පසුගියදා ආරක්ෂක මණ්ඩලය ඇමතූ අවස්ථාවක මේ බව පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රතිපත්තිවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක්සත් විය යුතු බව ඔටුන්බයේවා එහිදී පවසා ඇති බව වාර්තා සඳහන් කරයි.

එවැනි තීරණවල ඇති විය හැකි ඍණාත්මක බලපෑම සහ ඇෆ්ගන් ජාතිකයින්ට මානුෂීය ආධාර ලබා දීම ඇතුළු කරුණු ගෙනහැර දක්වමින් ඒ සම්බන්ධයෙන් කවුන්සිලයේ එකමුතුවේ අවශ්‍යතාවය ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝන් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීම මෙන්ම රැකියාවල නිරතවීම මේ වන විට තහනම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here