චීන සරසවියක මහාචාර්යවරු තිදෙනෙක් මරුට

0
427
Journalists are seen in front of the entrance gate of Tsinghua University in Beijing on November 27, 2022. - Hundreds of students from Beijing's elite Tsinghua University took part in a protest against Covid lockdowns on November 27, a witness told AFP and footage on social media showed. (Photo by Noel CELIS / AFP)

දරුණු කොවිඩ්-19 ආසාදන රැල්ලක් බීජිං නුවර ආක්‍රමණය කිරීමත් සමග, ඊට ගොදුරුවූ Tsinghua විශ්ව විද්‍යාලයේ තවත් මහාචාර්යවරුන් තිදෙනෙකු මියගොස් තිබේ.

ඔවුහු චීනයේ ඉහළම අධ්‍යයන උපදේශක ආයතනවල සාමාජිකයෝ ලෙස ද කටයුතු කළහ.

මේ අතරින් අන්තර්ජාතිකව පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පී නිර්මාණ විශේෂඥ Guan Zhaoye පසුගිය දෙසැම්බර් 26 වැනි දින උදෑසන මියගොස් ඇත. ඔහු “චීන කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකයෙක්” බව ඔහුගේ මරණ දැන්වීමේ සඳහන් වේ.

Long Yuqiu යනු Tsinghua විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර ඔහු දෙසැම්බර් 22 වන දින මියගොස් තිබේ. පසු දින, Tsinghua විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය Lu Qiang මියගොස් ඇත.

මෙම මරණ පිළිබඳ නිල වාර්තාවේ සරලවම සඳහන් කර ඇත්තේ, “වෛද්‍ය ප්‍රතිකාර අකාර්යක්ෂමයි” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here