Friday, April 26, 2024

දූෂණ චෝදනාවලට සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට මුක්තිය අහිමිවන ලකුණු

දැනට අනාවරණය වී ඇති දූෂණ වංචාවන්ට සම්බන්ධ යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පාර්ලිමේන්තු මුක්තිය ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග දියත් කරන බව යුරෝපා සංගමය පවසනවා.

පාර්ලිමේන්තු සභාපති රොබර්ටා මෙට්සෝලා පැවසුවේ බෙල්ජියම් පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව තමන් මෙම පියවර ගත් බවයි.

එහෙත් ඇයගේ ප්‍රකාශයෙන් පෙන්වාදෙන යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්දැයි මෙතෙක් හෙළිකර නැත.

පසුගිය මාසයේ දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එක් මහජන මන්ත්‍රීවරයෙකු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම දූෂණ සිදුවීම් හෙළිවී තිබේ.

පාර්ලිමේන්තුවේ නීති කටයුතු කමිටුව වෙත යාමට පෙර, මෙලෙස මුක්තිය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීම ජනවාරි 16 වන දින සමස්ත යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ගොනු කළ යුතුව ඇත.

මහජන මන්ත්‍රීවරුන්ගේ මුක්තිය ඉවත් කිරීම පිළිබඳව සභාවේ පූර්ණ ඡන්ද විමසීමකට පෙර, චෝදනා පිළිබඳ වාර්තාවක් සකස් කෙරෙනු ඇත. මෙට්සෝලා වැඩිදුරටත් පවසා ඇත්තේ පෙබරවාරි 13 වන විට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles